දුම්රිය වර්ජනය අවසන් වන හැඩ - විශේෂ සාකච්චාවක් මේ දැන්
Thursday, 18 March 2021 - 11:59 | Views - 296
හදිසියේ ක්‍රියාත්මක වුනු දුම්රිය වර්ජනය පිලිබඳ විශේෂ සාකච්චාවක් මේ මොහොතේදී ප්‍රවාහන අමාත්‍යංශයේ පැවැත්වෙනවා.
ඒ ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ සහ දුම්රිය වර්ජකයින් අතර බවයි සඳහන් වන්නේ.
දුම්රිය රියදුරන්ගේ සංගමය , දුම්රිය නියමකවරුන්ගේ සංගමය, මෙම සාකච්චාවට එක්ව සිටින බවයි වාර්තා වන්නේ.
දුම්රිය රියදුරන් සහ දුම්රිය නියමකවරුන් අතින් දුම්රිය ධාවනයේදී සිදුවන වැරදි සඳහා දඩ නියමකිරිම , දුම්රිය සේවකයින්ගේ විනය චෝදනා සම්බන්ධ විභහග කඩිනමින් අවසන් නොකිරීම,පුරප්පාඩු වී තිබෙන දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරට සුදුස්සෙක් පත් නොකිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් මෙම හදිසි වර්ජනය මොවුන් විසින් දියත් කරනු ලැබුවා.
දැනට පවතින මෙම සාකච්චාවෙන් පසු හදිසි දුම්රිය වර්ජනය බොහෝ දුරට අවසන් වන බව දුම්රිය නියමක සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු පැවසුවේ.
Share This Article