එක ඇමතිට නිවාස දෙකක් - පාර්ලිමේන්තුවෙන් හෙළිදරව්වක්
Thursday, 18 March 2021 - 11:31 | Views - 455
මන්ත්රී නිවාස භාර නොදුන් ඇමතිවරු කිහිපදෙනෙකුට වහාම එම මන්ත්රී නිවාස නැවත ලබා දෙන ලෙස දැනුම් දීමක් කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.
මෙසේ තවමත් මන්ත්රී නිවාස මෙන්ම , ලැබුණු ඇමති නිවාස යන දෙකම භුක්ති විඳින ඇමතිවරු දහයකට ආසන්න පිරිසක් සිටින බවයි සඳහන් වන්නේ.
මේ හේතුවෙන් නවක මන්ත්රීවරුන්ට නිවාස ලබා දීමේ ගැටළුවක්ද උද්ගත වී තිබෙනවා.
පවතින නීතියට අදාළව රජයේ නිළධාරියෙකුට භාවිත කළ හැක්කේ එක් නිවාසයක් පමණක් වුවද, මෙම ඇමතිවරුන් රජය පත් වී බොහෝ කාලයක් ගත වුවද තවමත් මන්ත්රී නිවාසය නැවත භාරදීමක් නොකරම ඇමති නිවාසද තම භාවිතයට ගෙන තිබෙනවා.
මේ ඇමතිවරු අතර ප්රබල කැබිනට් ඇමතිවරු තිදෙනෙක්ද සිටින බවයි වාර්තා වන්නේ.
Share This Article