පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවල කාර්යභාරය වඩාත් ඵලදායි ලෙස ඉටු කිරීම සඳහා ඒවායේ කටයුතු වඩාත් සංවාදශීලිව පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව, නීති සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේදී ඒ පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට මෙන්ම, ඔවුන් සමග වඩාත් සංවාදශීලි හා ක්‍රියාකාරි ලෙස සම්බන්ධ වීමට මෙම උපදේශක කාරක සභා ක්‍රමය හරහා හැකියාව ලැබෙනු ඇති.
අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී ඒ පිළිබඳව සාකච්ඡා වූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ අතර, ලබන 23 වනදා සිට 26 වනදා දක්වා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.
ඒ, කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව ඊයේ රැස්වූ අවස්ථාවේදීයී.
පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පිළිබදව සභාව කල් තැබීමේ විවාදය සදහා ලබන 25 සහ 26 යන දෙදින වෙන් කිරීමටද එහිදී තීරණය කර තිබෙනවා.