මහ දවල් ඉල්ලාගෙන ගිය - විසිපන්ලක්ෂය
Wednesday, 17 March 2021 - 10:48 | Views - 739
ඊයේ දහවල් ඇහැළියගොඩ නගරයේ පිහිටි ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ල කා තිබෙනවා.

කොල්ලකරු අදාල වෙළඳසැලෙන් ස්වර්ණාභරණ මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා එහි සේවකයා ලවා තෝරා ගැනීමට රන් මාල කිහිපයක් ගෙන්වා ගෙන එක්වර ඒ සියල්ල රැගෙන ඉදිරිපස තිබු යතුරු පැදියෙන් පළා ගිය බවටයි වාර්තා වන්නේ.

රැගෙන යන ලඳ රන් භාණ්ඩ වල වටිනාකම රුපියල් විසිපන් ලක්ෂ විසි දහසක් පමණ වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් ඇහැළියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.


ඒ සමඟම වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ මේ දිනවල දිගින් දිගටම සිදුවන රන් භාණ්ඩ මංකොල්ල කෑම් නිසා , රන් මාල පැළඳ හුදකලා මාර්ග වල ගමන් කිරීමේදී ද සැළකිලිමත් වන ලෙසයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top