මහ දවල් ඉල්ලාගෙන ගිය - විසිපන්ලක්ෂය
Wednesday, 17 March 2021 - 10:48 | Views - 740
ඊයේ දහවල් ඇහැළියගොඩ නගරයේ පිහිටි ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ල කා තිබෙනවා.
කොල්ලකරු අදාල වෙළඳසැලෙන් ස්වර්ණාභරණ මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා එහි සේවකයා ලවා තෝරා ගැනීමට රන් මාල කිහිපයක් ගෙන්වා ගෙන එක්වර ඒ සියල්ල රැගෙන ඉදිරිපස තිබු යතුරු පැදියෙන් පළා ගිය බවටයි වාර්තා වන්නේ.
රැගෙන යන ලඳ රන් භාණ්ඩ වල වටිනාකම රුපියල් විසිපන් ලක්ෂ විසි දහසක් පමණ වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් ඇහැළියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඒ සමඟම වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ මේ දිනවල දිගින් දිගටම සිදුවන රන් භාණ්ඩ මංකොල්ල කෑම් නිසා , රන් මාල පැළඳ හුදකලා මාර්ග වල ගමන් කිරීමේදී ද සැළකිලිමත් වන ලෙසයි.
Share This Article