අසාද් සාලිගෙන් ප්‍රශ්න කිරීම් ඇරඹේ
Wednesday, 17 March 2021 - 9:26 | Views - 220
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිගෙන් මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා.කොල්ලුපිටිය ප්‍රදේශයේදී ඊයේ මොහු අත්අඩංගුවට ගැනුනේ නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මතයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ මොහු ගමන් කරමින් තිබූ මෝටර් රථයේ තිබී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ සොයා ගත් බවයි.ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ ප්‍රතිපාදන අනුව අසාද් සාලිගෙන් රඳවාගෙන ප්‍රශ්න කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.
Share This Article