ලෝකයක් හෙල්ලූ සිංහයන් බිහිවී, ගෙවුණු විසිපස් වසර
Wednesday, 17 March 2021 - 8:25 | Views - 308
ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාව තුළ ලබා ගත හැකි ඉහළම ක්‍රිකට් ජයග්‍රහණය ලබා ගෙන, රන් අකුරින් ලියැවුණු දිනය ලෙස 1996 මාර්තු 17 හැඳින්විය හැකියි.
ඒ 96 ලෝක කුසලානය ජයග්‍රහණය මෙරටට හිමි කර ගැනීම හේතුවෙනි.
ඒ සුන්දර නොමැකෙන මතකය එකතු වී අදට හරියටම වසර 25 යි .
1996 මාර්තු 17 වැනි දින පකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදි දිවා,රාත්‍රී තරඟයක් ලෙස අවසන් මහා තරඟය පැවැත්වුණා.
මෙම තරඟයේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අරවින්ද ද සිල්වා පන්දු 124ක් තුළ නොදැවී ලකුණු 107ක් ලබා ගත්තේ අවසන් මහා සටනේ වීරයා සම්මානයද ඔහු සතු කර ගනිමින්.
Share This Article