ඉදිරි සති කිහිපය තුල තවත් මිලියනයකට කොවිඩ් එන්නත ලබා දීමට රජය සැලසුම් කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙල හරහා මුළු රටම හැකි ඉක්මනින් සාමාන්‍යකරණය කිරීමට කටයුතු කරන බවයි.
ලෝකයේ රටවල් 133 ක තවම කොවිඩ් එන්නත ලබා දී නොමැති අතර මේ වන විටත් මෙරට එන්නත්කරන වැඩපිළිවෙල මිලියනයකට ආසන්න වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් .කළා.
ඊට අමතරව තවත් එන්නත් මිලියනයක් කඩිනමින් ගෙන්වීමට රජය සුදානම් බවත් මෙරට ජනගහනයෙන් 50% කට හැකි ඉක්මනින් කොවිඩ් එන්නත ලබාදීම රජයේ ඉලක්කය බවත් අමාත්‍යවරයා සඳහන් කළා.