දුම්රියේ ගැටුණු බස්රථ අනතුරින් පාසල් දරුවෙකු මරුට , තවත් පිරිසක් රෝහලට
Tuesday, 16 March 2021 - 16:22 | Views - 1,260
අද තලෙයිමන්නාරම දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයේදී මගී ප්‍රවාහන බස් රථයක් දුම්රියක ගැටී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ පාසල් දරු දැරියන්ද ඇතුළු මගීන් 30 දෙනෙකු පමණ සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසුවේ.

අනතුරෙන් බස් රථයේ ගමන් ගත් වයස අවුරුදු නවයක පමණ දරුවෙකු මිය ගොස් ඇති අතර තවත් පහලවකට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ඒ අතරින් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ සංඥා පුවරු ක්‍රියාත්මක තත්වයේ තිබුනේදැයි පරීක්ෂණ සිදු කෙරෙන අතර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර තලෙයිමන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top