බටහිර ජැටියට මුලට ආ ''අදානි''
Tuesday, 16 March 2021 - 15:12 | Views - 437
කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා එක්වන බව ඉන්දියාවේ අදානි සමූහය නිළ වශයෙන් නිවේදනය කළා.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරාය අමාත්‍යාංශය මගින් ඒ සඳහා යොමු කළ අභිප්‍රාය ලිපිය ද තමන් වෙත ලැබුණු බවයි එමගින් ප්‍රකාශ කළේ.

ඒ අනුව බටහිර බහලුම් පර්යන්තයේ සියයට 51ක කොටස් තමන් හිමි කර ගන්නා බවත්, ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සහ වරාය අධිකාරිය සමඟ එක්ව එය සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් අදානි සමූහය සිය නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනවා.

එම ප්‍රකාශයට ඉන්දීය මාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබුණා.

බටහිර බහලුම් පර්යන්තය ඉන්දියාවේ අදානි සමූහය සමඟ සංවර්ධනය කිරීමට පසුගිය දා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වුණා.

දැනටමත් කොළඹ වරායේ බහලුම් ප්‍රති අපනයනවලින් සියයට 45ක්ම, ඉන්දියාවේ බහලුම් වරාය කිහිපයක් මෙහෙය වන අදානි සමූහය වෙතින් ලැබුණු හෝ එය වෙත යොමු වූ ඒවායි.

අදානි සමූහය සිය නිළ වෙබ් අඩවියේ පළ කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතියක් ලෙස ඉදිකර, මෙහෙයුම් සිදුකරමින් වසර 35කදී පවරා දීමේ පදනම මත සංවර්ධනය කිරීමට සූදානම් බවයි.

බටහිර පර්යන්තය මීටර් 20ක් පළලකින් සහ මීටර් 1400ක දිගකින් යුක්තව ඉදිකෙරෙන අතර, අති විශාල බහාලුම් නෞකා හැසිර වීමට ද සමත් වන බවයි එහි දැක්වෙන්නේ.

අදානි සමූහය නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද සංවාදයට ලක්වුණා.

එහිදී අදානි සමූහය වෙත බටහිර පර්යන්තයේ සියයට 51ක කොටස් හිමි වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පිළිගත්තා.

ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවට හිමි සියයට 49ක ප්‍රතිශතය සම්බන්ධයෙන් ඉදිරියේදී අවසන් තීරණයකට එළඹෙන බවයි.

කෙසේ නමුත් අදානි සමූහය ප්‍රකාශ කළේ ඒ සඳහා එක් වන්නේ ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය පමණක් බවයි.

එහෙත් තමන් බටහිර පර්යන්තයේ සියයට 51ක කොටස් හිමි කර ගන්නා බව අදානි සමාගම නියත වශයෙන්ම ප්‍රකාශ කර ඇති බව මාධ්‍යවේදිනියක පැවසීමෙන් පසු අමාත්‍යවරයා ඒ බව පිළිගත්තා.

එමෙන්ම ඉතිරි ප්‍රතිශතය සඳහා තවත් දේශීය සමාගම් එක් කර ගැනීමට අදහස් කරන බවයි එහිදී ඔහු කියා සිටියේ.  

එමෙන්ම, කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා අවස්ථාවක් ලබාදීම පිළිබදව ලක් රජයේ නායකයන්ට, රජයට, වරාය අධිකාරියට සහ ජෝන් කීල්ස් ආයතනයට කෘත්‍යඥ වන බවයි අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එමෙන්ම, එය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ඓතිහාසික ක්‍රමෝපාය සබදතාවයේ සංකේතයක් වනු ඇති බව ඔහු අවධාරණය කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top