අවුරුදු 15 ඉක්මවූ අයගේ ජාවාරම් වලට වැටෙන තිත
Tuesday, 16 March 2021 - 11:32 | Views - 965
ජාවාරම් වලට තිත වැටෙන, රහස් ක්‍රමවේද රැසකින් යුත්, අවුරුදු 15 ඉක්මවූ අයට ලැබෙන දේ .


විද්‍යුත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය වසර දෙකක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය යටතේ වයස අවුරුදු 15ට වැඩි සියලුම පුද්ගලයන් යළි ලියාපදිංචි කෙරෙන අතර ලියාපදිංචි කිරීමේ දී දැනට ලබා ගන්නා ජීව දත්තවලට අමතරව ඇඟිලි සලකුණු, මුහුණේ විශේෂතා වැනි ජීව මිථික දත්ත ද ලබා ගැනෙන බවයි සඳහන්.

එය (SLUDI) ''sri lanka unique digital ID'' ලෙසින් හැඳින්වෙන බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම ව්‍යාපෘතියට අදාළව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග ආගමන විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව වැනි ආයතන ඒකාබද්ධ වන බවද සඳහන්.

ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු මෙම ඕනෑම ආයතනයකට ඇතුළත් වීමේ දී පුද්ගලයකුගේ ඇඟිලි සලකුණෙන් පමණක් ඔහු හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා.

මෙම දෙපාර්තමේන්තුව මේ වන විට ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයා යටතේ පවතින තාක්ෂණ අමාත්‍යාංශය යටතේ බැවින් ජනාධිපතිවරයාගේ දැඩි අධීක්ෂණය යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වියානි ගුණතිලක හිරු අප සමඟ අදහස් දක්වමින් කියා සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top