අවුරුදු 15 ඉක්මවූ අයගේ ජාවාරම් වලට වැටෙන තිත
Tuesday, 16 March 2021 - 11:32 | Views - 966

ජාවාරම් වලට තිත වැටෙන, රහස් ක්‍රමවේද රැසකින් යුත්, අවුරුදු 15 ඉක්මවූ අයට ලැබෙන දේ .
විද්‍යුත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය වසර දෙකක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය යටතේ වයස අවුරුදු 15ට වැඩි සියලුම පුද්ගලයන් යළි ලියාපදිංචි කෙරෙන අතර ලියාපදිංචි කිරීමේ දී දැනට ලබා ගන්නා ජීව දත්තවලට අමතරව ඇඟිලි සලකුණු, මුහුණේ විශේෂතා වැනි ජීව මිථික දත්ත ද ලබා ගැනෙන බවයි සඳහන්.
එය (SLUDI) ''sri lanka unique digital ID'' ලෙසින් හැඳින්වෙන බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම ව්‍යාපෘතියට අදාළව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග ආගමන විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව වැනි ආයතන ඒකාබද්ධ වන බවද සඳහන්.
ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු මෙම ඕනෑම ආයතනයකට ඇතුළත් වීමේ දී පුද්ගලයකුගේ ඇඟිලි සලකුණෙන් පමණක් ඔහු හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා.
මෙම දෙපාර්තමේන්තුව මේ වන විට ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයා යටතේ පවතින තාක්ෂණ අමාත්‍යාංශය යටතේ බැවින් ජනාධිපතිවරයාගේ දැඩි අධීක්ෂණය යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වියානි ගුණතිලක හිරු අප සමඟ අදහස් දක්වමින් කියා සිටියේ.
Share This Article