නිවාස 50කට හානි ගෙනදුන් ග්‍රෑන්ඩ්පාස් ගින්න
Monday, 15 March 2021 - 9:18 | Views - 279
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා.
අද උදෑසන 3ට පමණ හටගත් ගින්න මේවන විට සම්පුර්ණයෙන් මැඩපවත්වා ඇති බවයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ.
ගින්න හටගත් ප්‍රදේශයේ නිවාස 250ක් පමණ පිහිටා ඇති අතර ඉන් 50කට පමණ හානි සිදුව ඇතැයි සඳහන්.
කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් රථ 8ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 18ක් මෙන්ම ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා තිබෙනවා.
ගින්නට හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර කිසිදු ජීවිත හානියක් හෝ තුවාල සිදුවීමක් වාර්තාවී නැහැ.
Share This Article