ශ්‍රේණි තුනකින් අද ඇරඹුණු බස්නාහිර පාසල්
Monday, 15 March 2021 - 8:53 | Views - 374

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද ආරම්භ කෙරෙනවා.
එමෙන්ම අනෙකුත් පළාත්වල සියලු ශ්‍රේණි සඳහා අද පාසල් විවෘත කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සෑම පාසලකම ගිලන් කාමරයක් සකස් කරන ලෙසට අධ්‍යාපන බලධාරින් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
කෙසේ වෙතත් බස්නාහිර පළාතේ අනෙකුත් ශ්‍රේණි සදහා පාසල් ආරම්භ වන්නේ අප්‍රේල් මස 19 වනදායි.
මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන සිසුන්ට පාසල් වෙත පැමිණෙන ලෙසයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඉල්ලා සිටියේ.
මේ අතර, මේ වසරේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය කල් දැමීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිශ්චිත තීරණයකට එළඹ නොමැති බව එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කළා.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේදී නොපැවැත්වීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ඊයේ ප්‍රකාශ කළා.
කොරෝනා වසංගතය හේතුවෙන් විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකිවීම සැළකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ මෙම එකඟතාවට එළඹි බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ.
කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා කියා සිටියේ එවැනි එකඟතාවයකට නොපැමිණි බවයි.
Share This Article