ශ්‍රේණි තුනකින් අද ඇරඹුණු බස්නාහිර පාසල්
Monday, 15 March 2021 - 8:53 | Views - 375
කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද ආරම්භ කෙරෙනවා.

එමෙන්ම අනෙකුත් පළාත්වල සියලු ශ්‍රේණි සඳහා අද පාසල් විවෘත කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සෑම පාසලකම ගිලන් කාමරයක් සකස් කරන ලෙසට අධ්‍යාපන බලධාරින් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් බස්නාහිර පළාතේ අනෙකුත් ශ්‍රේණි සදහා පාසල් ආරම්භ වන්නේ අප්‍රේල් මස 19 වනදායි.

මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන සිසුන්ට පාසල් වෙත පැමිණෙන ලෙසයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඉල්ලා සිටියේ.

මේ අතර, මේ වසරේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය කල් දැමීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිශ්චිත තීරණයකට එළඹ නොමැති බව එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කළා.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේදී නොපැවැත්වීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ඊයේ ප්‍රකාශ කළා.

කොරෝනා වසංගතය හේතුවෙන් විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකිවීම සැළකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ මෙම එකඟතාවට එළඹි බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ.

කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා කියා සිටියේ එවැනි එකඟතාවයකට නොපැමිණි බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top