අනියම් ඇසුරක් නිසා තවත් තරුණ ජීවිතයක් අකාලයේ අභිරහස් ලෙස දිවි තොර කර ගනී
Friday, 12 March 2021 - 16:01 | Views - 2,256
අනියම් සබඳතාවයකුත් තිබිලාලු....
 
සැමියා එක්ක තරහා වෙලා....
 
කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනියක් රෝහල් කාමරයක අභිරහස් අන්දමින් මියයෑම සම්බන්ධයෙන් මරදාන පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.
 
මෙලෙස මියගොස් ඇත්තේ අඹන්පොළ බැලූන්ගල පන්සල පාරේ පදිංචිව සිටි 28 හැවිරිදි විවාහක කාන්තාවකි.

හෙද නිලධාරිනිය රෝහලේ 40 වැනි වාට්ටුවේ සේවයට පැමිණ එහි කාමරයකට ගොස් බිමවැටී සිටියදී හෙද නිලධාරිනියක දැක පසුව ඇය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුල් කළ අවස්ථාවේ මියගොස් තිබේ.
 
මැය කිසියම් එන්නතක් ශරීරගත කර ගැනීමෙන් මෙය සිදුකර ගන්නට ඇතැයි සැකකරන බව රෝහල් ප්‍රකාශිකාවක් පැවසුවාය. මෙයට හේතුවී ඇත්තේ රෝහලේ වෛද්‍යවරයෙකු යැයි කියන පුද්ගලයෙකු සමග පවත්වාගෙන ගිය අනියම් ඇසුරක් යැයි හෙළිවී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
 මියගිය හෙද නිලධාරිනියට වෛද්‍යවරයා යැයි පවසන පුද්ගලයා විසින් එවන ලද වට්ස්ඇප් කෙටි පණිවුඩ කිහිපයක් හෙද නිලධාරිනියගේ සැමියාට දැක ගන්නට ලැබී තිබේ. පසුව ඔවුන් දෙදෙනා අතර ආරවුලක් ඇතිවී තිබේ.
 
අනතුරුව සැමියා ඇගෙන් දික්කසාද වන බවට ලිපියකට අත්සනක් නොගෙන ඇය ඇගේ දෙමාපියන්ට භාරදී තිබේ. පෙරේදා (10 දා) ඇය සේවයට විත් තම සහෝදර නිලධාරිනියන්ට පිටතට ගොස් පැමිණෙන බව පවසා කාමරයට ගොස් එන්නත විදගන්නට ඇතැයි සැකකරන බවද එම නිලධාරියා කීය.
 
මියගිය හෙද නිලධාරිනියගේ හදිසි මරණ පරීක්‍ෂණය ඊයේ (11 දා) කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා හමුවේ පැවැත්විණි. මරදාන පොලිසියේ පොලිස් කොස්තාපල් මර්වින් මහතා වැඩිදුර විමර්ශන සිදු කරයි.
 
දිවයින
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top