සීනි බදු වංචාව ගැන හඳුන්නෙත්තිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්(video)
Friday, 12 March 2021 - 11:50 | Views - 318
සීනි ආනයනය කිරීමෙන් රජයට රුපියල් බිලියන 15 යි දශම 9ක පාඩුවක් සිදුව ඇති බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සමක් අද (12) ඉදිරිපත් කළා.
එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ, එම අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා සහ සීනි ආනයනය කරන ලද පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකු ඇතුලු 09 දෙනෙකු නම් කර තිබෙනවා.
Share This Article