පා පිස්නාවකට යොදාගත් අප ජාතියේ අභිමානය
Friday, 12 March 2021 - 11:31 | Views - 766
ශ්රී ලංකා ජාතික කොඩිය ආකාරයට නිෂ්පාදනය කළ පා පිස්නාවක් ලොව ප්රමුඛතම අන්තර්ජාල පාරිභෝගික භාණ්ඩ අලෙවි ජාලයක් වන amazon වෙබ් අඩෙවිය හරහා අලෙවි කිරීමට තබා තිබෙනවා.ශ්රී ලංකා ජාතික කොඩියේ කිසිඳු සංස්කරණයක් නොකර එය ඒ ආකාරයෙන්ම අලෙවිය සඳහා තබා ඇත්තේ ඇමරිකානු ඩොලර් 12ක මිලකටයි.එය ශ්රී ලංකා මුදලින් රුපියල් දෙදෙහස් පන්සීයකට ආසන්න මුදලක් වනවා.කෙසේ වෙතත් මෙම දැන්වීම සම්බන්ධයෙන් මේ වන විට මෙරට බොහෝ දෙනෙකු අතර දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

Share This Article