දිය නෑමට ගොස් තරුණයන් දෙදෙනෙක් අතුරුදන්
Friday, 12 March 2021 - 10:04 | Views - 477
ඊයේ මහවෙල පොලිස් වසමේ අන්කන්ද විදුලි බලාගාරය ආසන්නයේ ඇති සුදු ගඟේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී අතිරුදන් වී තිබෙනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 16 ක් හා 26 වන දළුපොතගම ප්රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙකි.
පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදා නිලධාරීන් හා ප්රදේශවාසීන් එක්ව අතුරුදහන්ව ඇති පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්රියාත්මක කරන බව සඳහන්.
මේ පිලිබඳ වැඩිදුර විමර්ශන මහවෙල පොලිසිය පවත්වනු ලබනවා.
Share This Article