අනියම් පෙමට ගිජු වුවන්ට දුන් අවවාදයක් බඳු - වැසිකිළි වළවල් පවා පීරා සොයන කඳින් වෙන්වුණු හිස
Thursday, 11 March 2021 - 16:18 | Views - 636
මරණ පරීක්ෂණ වාර්තාවෙන් එළියට ආපු දේ...?

'' සැලැස්මක් නොතිබූ මෙම ඝාතනය, ක්ෂණික කෝපය නිසා සිදු වෙන්නට ඇති ''


අනියම් පෙම්වතිය සමඟ කොතරම් ප්‍රශ්න තිබුණද බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂක පෙම්වතා ඇය සමඟ හංවැල්ල හෝටල් කාමරයක දින දෙකක්ම ගත කළේ ඇය ඝාතනය කිරීමේ අදහසකින් හෝ ඇය ඝාතනය කිරීමට පෙර සිටම හිතේ තිබූ සැලැස්මක් මත හෝ නොවන බව විමර්ශනවලදී ඒත්තු ගොස් තිබේ.

එවන් සැලසුමක් උප පොලිස් පරීක්ෂකවරයාගේ සිතේ තිබුණේ නම් ඔහු ඇය සමඟ මෙම හෝටලයේ නවාතැන් ගැනීමට එන විටදී පිහියක් අනිවාර්යයෙන්ම සඟවා ගෙන රැගෙන එන බව මේ පිළිබඳ විමර්ශන කරන නිලධාරියෙක් ‘මව්බිම’ට කීය.

ඇය හා ඔහු හංවැල්ල ප්‍රදේශයේ නවාතැන් පොළේ කාමරයක රැඳී සිටියදී ඇති වූ ප්‍රශ්නයක් මත ඒ මොහොතේ හටගත් ක්ෂණික කෝපයක් හේතුවෙන් ඔහු විසින් ඇය එකවර මරාදමන්නට ඇතැයි සැකකරන බවත් නැතහොත් ඔහු අතින් ඇය මියයන්නට ඇතැයි සිතිය හැකි බවත් එහෙත් ඔහු එවන් දෙයක් කරන්නට ඇත්තේ ඇය මරා දැමීමේ අදහසින් නොවන බවට සැකකළ හැකි බවත් එම නිලධාරියා සඳහන් කළේය.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ඇයට පහරදීමක් සිදුනොවී ඇති බැවින් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මත උප පොලිස් පරීක්ෂක පෙම්වතා විසින් ඇගේ ගෙල මිරිකන්නට ඇති බවත් එම අවස්ථාවේදී ඇය මරණයට පත් වන්නට ඇතැයි සැක හිතන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

ඇගේ මරණයත් සමඟ බියට පත්වූ උප පොලිස් පරීක්ෂක පෙම්වතා ඇය කවුදැයි හඳුනාගැනීම වැළැක්වීම සඳහා ඉන්පසු හෝටලයෙන් පිටවී හංවැල්ල නගරයේ ඇති සතිපොළට ගොස් පිහියක් මිලදී ගෙන ඇවිත් මියගිය පෙම්වතියගේ ගෙල සිඳලන්නට ඇතැයි සිතිය හැකි බවත් එම නිලධාරියා කියයි.


මෙම තරුණියගේ හිස කඳින් වෙන් කර ඇත්තේ ඝාතනයට පසුව බවට වෛද්‍ය වාර්තාවේද නිගමනය වී තිබේ.

උප පොලිස් පරීක්ෂක පෙම්වතාට ඇය ඝාතනය කිරීමට සැලැසුමක් තිබුණේ නම් ඔහුට ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේද සූදානම් කරන්නට ඕනෑ තරම් අවස්ථාව තිබුණු බවත් ඒ අනුව විමර්ශනයේදී සැකකළ හැක්කේ ඔහු තම පෙම්වතිය හෝටල් කාමරයට ගෙනැවිත් ඇත්තේ ඇයව ඝාතනය කිරීමේ අදහසකින් නොවන බැව් පැහැදිලි බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

=====================

දිවයින පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ මරා දැමුණු තරුණියගේ හිස සොයා පොලිස් කණ්ඩායම් ඊයේ (9දා) බුත්තල පොලිසියේ කොන්ක්‍රීට් වැසිකිළි වළවල් පවා සෝදිසි කිරීමට පියවර ගත්තේය.

ඊට හේතුව වූයේ මියගිය උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ සිට බඩල්කුඹුර නිවෙසට ගොස් ඊට පසුදින බුත්තල පොලිසියටද ගොස් ඇති හෙයිනි.

එහිදී එම උප පොලිස් පරීක්ෂකවරයා කිසිදු සැකයක් නොසිතෙන ආකාරයෙන් සුපුරුදු ලෙස හැසිරී ඇති බවත් එහිදී පොලිස් කාන්තාවක් සමඟද කතාබස් කර ඇති බවත් පොලිසිය හෙළිකරගෙන තිබිණි.

මෙම පොලිස් කාන්තාවගේ පුතා හා උප පොලිස් පරීක්ෂකවරයාගේ දියණිය එකම පන්තියේ ඉගෙනුම ලබන බවත් එහිදි මෙම උප පොලිස් පරීක්ෂකවරයා ඇයට තම දියණියගේ විභාගයක ලකුණු පවා පවසා ඇති බවත් සහකාර පොලිස් අධිකාරි හේමන්ත ඕවිටිගම මහතා ‘මව්බිම’ට කීවේය. ඉන් අනතුරුව උප පොලිස් පරික්ෂකවරයා බුත්තල පොලිස් ස්ථානාධිපතිවරයා හමු වී ණය ඉල්ලුම් පතකට ඔහුගේ අස්සන් පවා ලබාගෙන තිබිණි.

කීර්ති මෙන්ඩිස්
මව්බිම පුවත්පත
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top