විනය ශාලාවට කැඳවූ රන්ජන්ට, අමුත්තන් තහනම් වෙයි.
Thursday, 11 March 2021 - 15:14 | Views - 297
රන්ජන්ට සති දෙකක් අමුත්තන් තහනම්.
රන්ජන් අඟුණුකොළපැලැස්සේ විනය ශාලාවට තමන් බැලීමට පැමිණි අමුත්තෙකු සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමේ වරදට, මේ වන විට බන්ධානාගාර ගතව සිටින රන්ජන් රාමනායක අද (11) අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ විනය ශාලාවට කැඳවා තිබෙනවා.
ඒ බන්ධනාගාර අඥා පනතේ 78 වැනි වගන්තියට අනුකූලවයි.
එහිදී, රන්ජන් රාමනායක සෙල්ෆි ඡායාරූපයක් ගැනීම සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබෙනවා.
ඒ අනුව, බන්ධානාගර අඥා පනතේ 78 වන වගන්තිය ප්රකාරව, රන්ජන් රාමනායකට සති දෙකක කාලයක් අමුත්තන් මුණ ගැසීම තහනම් කර තිබෙනවා.
Share This Article