"උඹට සූට් කේස් එකක යන්න ඕනෑදැයි" උසාවිය ඉදිරිපිටදී බිරිඳට තර්ජනය කළ සැමියාට, වැඩ වැරදුණු හැටි
Thursday, 11 March 2021 - 14:22 | Views - 457
"උඹට සූට් කේස් එකක යන්න ඕනෑදැයි" පවසමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදි සිය බිරියට තර්ජනය කළ සැකකාර ස්වාමිපුරුෂයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සැකකාර පුද්ගලයාගෙන් සිදුවන හිංසා පීඩා හා පහරදීම් හේතුවෙන් එම කාන්තාව ඔහුගෙන් වෙන්වීම සඳහා නීතිඥවරියක් මඟින් 2019 වසරේදී නුගේගොඩ දිසා අධිකරණය හමුවේ නඩුවක් පවරා වෙන්ව ජීවත්ව ඇති බව ද අනාවරණය වී ඇති බව සඳහන්.

නඩු විභාගයට පෙනී සිටීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දක්වමින් දිසා අධිකරණය අවස්ථා කිහිපයකදී සැකකාර පුද්ගලයාට සිතාසී යවා ඇතත් ඔහු අධිකරණය මඟහරිමින් ඒවා භාර නොගෙන ඇති බව ද වාර්තා වනවා.

මෙම පහරදීම් සම්බන්ධයෙන් ඇය මහරගම පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව දෙදෙනාම සාමදාන කිරීම සඳහා උත්සහා ගෙන ඇති නමුත්, එයද අසාර්ථක වී ඇතැයි සඳහන්.

එසේ නොවීම හේතුවෙන් ඉකුත් 2019 වසරේදී ඔහුගෙන් වෙන්වීම සඳහා ඇය දික්කසාද නඩුවක් පවරා තිබුණා.

දික්කසාද නඩුව පැවරීමෙන් පසුවද සැකකාර පුද්ගලයා ඇයට විවිධ හිරිහැර හා පීඩා සිදු කර ඇති බවත් ඇය ඒ සම්බන්ධයෙන් කර ඇති පැමිණිල්ලකට අදාළව මහරගම පොලිසිය විමර්ශන සිදු කරන බව ද වාර්තා වනවා.

ඇය පැවරූ දික්කසාද නඩුව ඉකුත් 5දා නුගේගොඩ දිසා අධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබී ඇති බවත් ඇය ඒ සඳහා පැමිණෙන බව දැනගත් සැකකරු අධීකරණය ඉදිරිපිටදී "උඹට සූට්කේස් එකක යන්න ඕනෑදැයි" තර්ජනය කර තිබෙනවා.

පැමිණිලිකාර කාන්තාව පන්නිපිටියේ පදිංචි අයෙකු වන අතර, සැකකරු මහරගම පදිංචි අයෙක්.


කුමුදු උපුල් ශාන්ත
මව්බිම පුවත්පත
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top