කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාමත් සමඟ ගාල්ල - උඩුගම ඩිපෝව මේ වන විට තාවකාලිකව වසා දමා තිබෙනවා.
ඊයේ උඩුගම ඩිපෝවෙන් නව කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත් සමඟ ඉන් හදුනා ගත් මුළු රෝගීන් සංඛ්‍යාව 17ක්.
එමෙන්ම, මන්නාරම ප්‍රධාන මාළු වෙළඳපොළ ආශ්‍රිතව ද වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ආර්. විනෝදන් ප්‍රකාශ කළේ පසුගිය දින දෙකේ දී එම මාළු වෙළදපොළෙන් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු සහ ආශ්‍රිතයින් 5 දෙනෙකු වාර්තා වූ බවයි.