සිත් තැවුලෙන් දිවි නසා ගැනීමට ගොස් නුලෙන් බේරුණු තරුණයා
Thursday, 11 March 2021 - 9:50 | Views - 798
අරණායක ප්‍රදේශයේ තරුණයෙකු සිත් තැවුලක් හේතුවෙන් ගෙල වැළලාගෙන සියදිවි නසා ගැනීමට ගත් උත්සාහයක් පොලීසිය මැදිහත්ව වළක්වා තිබෙනවා.
අදාල තරුණයාගේ පියා සහ මව මීට වසර කිහිපයකට පෙර මියගොස් ඇති අතර ඔහු සිය කායික ආබාධ සහිත සහෝදරයා සමඟ වාසය කර තිබුණා.
තරුණයා රැකියාවක් ලෙස කුලී වැඩ කරමින් සිට ඇති අතර ඇතිවූ සිත් තැවුලක් හේතුවෙන් මෙලෙස සිය දිවි නසා ගැනීමටයි උත්සාහ දරා ඇත්තේ.
කෙසේ වෙතත්, සිය ආබාධිත සොහොයුරා විසින් සිය සහෝදරයා සියදිවි නසාගැනීමට තැත් කරන බවට ප්‍රදේශවාසීන්ට පැවසීමත් සමග ඔවුන් විසින් අරණායක පොලීසියට දැනුම් දී තිබුණා.
පසුව අරණායක පොලීසියේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වී 1990 හදිසි ගිලන් රථයක් සහ පොලිස් නිලධාරීන් යොදවා මෙම තරුණයා මුදාගෙන තිබෙනවා.
පසුව ඔහු පොලීසිය විසින් මාවනැල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර, මේ වනවිට ඔහුගේ තත්ත්වය යහපත් බවයි වාර්තා වන්නේ.
Share This Article