මහා ශිව රාත්‍රී දිනය අදයි
Thursday, 11 March 2021 - 9:10 | Views - 597

ශිව දෙවියන් උදෙසා පුදපූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ ධාර්මික මංගල්‍යය වන මහා ශිව රාත්‍රිය අදට යෙදී තිබෙනවා.
ඒ නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ මහා ශිව රාත්‍රී දින පහන් සිල හින්දු ජනයාගේ ආධ්‍යාත්මය ආලෝකමත් කරන්නාසේ සමස්ථ සමාජය පුරා සාමය, සංහිදියාව සහ සතුට සාක්ෂාත් කර ගැනීමට ශිව දෙවිදුන්ගේ ආශිර්වාදය ලැබේවායි තමන් ප්‍රාර්ථන කරන බවයි.
පවතින කොරෝනා තත්වය හමුවේ, සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් මහා ශිව රාත්‍රී දිනය සමරනු ඇතැයි යන්න තම විශ්වාසය බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
එමෙන්ම, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ එකිනෙකා අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ ප්රතිසන්ධානය තුලින් එක්සත්කම සදහා වූ මෙම විශිෂ්ඨ ප්රයත්නයට ශිව දෙවියන්ගේ ආශිර්වාදය නිතැතින් හිමි වනු ඇති බව තම විශ්වාසය බවයි.
ලොව පුරා හින්දු බැතිමතුන් සමග එක්ව මහා ශිව රාත්‍රී දිනය ඉමහත් භක්ත්‍යාදරයෙන් සමරන ශ්‍රී ලාංකේය හින්දු භක්තිකයන්ට ඉමහත් සතුටින් සුභාශිංසන පළකරන බවද අග්‍රාමාත්‍යවරයා නිකුත් කල පණිවුඩයේ දැක්වෙනවා.
මේ අතර මිනිස් වර්ගයා අතර සංහිදියාව හා සහජීවනය ඇතිවීමටද මං පාදන පුණ්‍යවන්ත දිනයක් ලෙස හැදින්වෙන ශිව රාත්‍රී දිනය අරුත් ගන්වන්නේ මානව සංහතියේ ශාන්තිය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙනවා.
මහා ශිව රාත්‍රී දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ මහා ශිව රාත්‍රී දිනය යනු මිනිසා හා දෙවියන් එකම මංසලකදී මුණ ගැසී සිදුකරන වන්දනාවක් බවයි.
Share This Article