නොයෙන ගමන් යන්නට යළි නිවසට ආ දිලිනි (video)
Thursday, 11 March 2021 - 9:01 | Views - 1,558
කොළඹ - වේල්ලවීදිය ප්රදේශයේදී ගමන් බෑගයක දමා ඝාතනය කර තිබියදී හමුවූ තරුණියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ කුරුවිට - තෙප්පනාව පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා.
ඒ ඝාතනය සිදුවී දින 11 කට පසුවයි.
ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාරදී තිබුණා.
දේහය ඇයගේ නිවසේ තැන්පත් කර තිබූ අතර, ඉන් පසුවයි ඊයේ පස්වරුවේ දේහය පිලිබඳ අවසන් කටයුතු සිදුකළේ.
මේ අතර, තරුණියගේ හිස කොටස සොයා තවදුරටත් විමර්ශනය සිදුකෙරෙන අතර ඊට අදාළව පිටකොටුව ප්රදේශයේ සහ හංවැල්ල නගරයේ ඇති සී.සී.ටී.වී පරීක්ෂා කිරීම යළිත් සිදුකරන බව පොලිසිය ප්රකාශ කළා.
Share This Article