හෙරොයින් කිලෝග්‍රෑම් 68 න් අනාවරණය වන මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයක සුලමුල
Wednesday, 10 March 2021 - 10:00 | Views - 290
මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් අනුව මාතර - දෙයියන්දර - දෙනගම ප්‍රදේශයේදී කරන ලද සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් මත් ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 68ක් සමග සැකකරුවකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ඔවුන් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකාර කාන්තාව වයස අවුරුදු 38 වන මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක බවටයි මේ වන විට අනාවරණය කරගෙන ඇත්තේ.

මේ සම්බන්දයෙන් මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති අතර දිවයිනේ දකුණු ප්‍රදේශයේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයක සුලමුල මේ හරහා අනාවරණය කරගත හැකි බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top