හෙරොයින් කිලෝග්‍රෑම් 68 න් අනාවරණය වන මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයක සුලමුල
Wednesday, 10 March 2021 - 10:00 | Views - 291
මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් අනුව මාතර - දෙයියන්දර - දෙනගම ප්‍රදේශයේදී කරන ලද සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් මත් ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 68ක් සමග සැකකරුවකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ඔවුන් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකාර කාන්තාව වයස අවුරුදු 38 වන මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක බවටයි මේ වන විට අනාවරණය කරගෙන ඇත්තේ.
මේ සම්බන්දයෙන් මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති අතර දිවයිනේ දකුණු ප්‍රදේශයේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයක සුලමුල මේ හරහා අනාවරණය කරගත හැකි බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.
Share This Article