කෙමෙන් අඩුවන මෙරට කොරෝනා සමග, ඉහළ යන මරණ
Wednesday, 10 March 2021 - 9:26 | Views - 643
නව ආසාදිතයින් 304 දෙනෙකු ඊයේ හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 86,343ක් දක්වා ඉහළ ගියා.

වාර්තා වූ නව ආසාදිතයින්ගෙන් 283 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් 5 දෙනෙකු සහ විදේශයන් හි සිට පැමිණි 16 දෙනෙකු මේ අතර වනවා.

ඊයේ නව මරණ 4ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 511ක් දක්වා ඉහළ ගියා.

අවුරුදු 57ත්, 81ක් අතර වයස්වල පසුවන අකුරණ, රාගම, හොරපේ සහ උඩුවිල ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් මෙලෙස මිය ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඒ අනුව ආසාදිතයින් 3079ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 82,763ක්.

එමෙන්ම, මේ වනවිට කොරෝනා එන්නත්කරණ වැඩසටහනට අදාළව පුද්ගලයින් හත්ලක්ෂ 43,775 දෙනෙකුට කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා.

මේ අතර, ලොව පුරා කොරෝනා ආසාදිතයින් එකොලොස් කෝටි 81 ලක්ෂ 36,603 දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 26 ලක්ෂ 20,788ක් ලෙසයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top