අයිතිය ඉල්ලන වෛද්‍යවරයා වහලෙන් ඇඳ වැටුණු හැටි (video)
Wednesday, 10 March 2021 - 9:02 | Views - 384
නිකවැරටිය නගරයේ, ගොඩනැගිල්ලක අයිතිය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් වෛද්‍යවරයෙකු එහි වහලයෙන් බිමට වැටී රෝහල් ගත කර තිබෙනවා.
ඔහු පවසා ඇත්තේ එම ගොඩනැගිල්ල තමාට අයිති බවයි.
මෙම නිසා ඔහු මෙම ස්ථානයට අද පැමිණ තිබෙනවා.
එම ස්ථානයට පොලීසිය පැමිණ ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ අදාළ වෛද්‍යවරයා ගොඩනැගිල්ලේ වහලය මතට නැඟ විරෝධයක් පළ කළා.
අදාළ ගොඩනැගිල්ලේ අයිතිය සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර නඩුවක් පවතින පසුබිමක ඉන් එක් පාර්ශ්වයක් වන අදාළ වෛද්‍යවරයා අද (09) පෙරවරුවේ එහි පැමිණ තිබුණේ ගොඩනැගිල්ල තමන්ට අයත්යැයි පවසමින්.
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවත්වාගෙන යන සම්බන්ධීකරණ කාර්යාලයේ දෙමහල් ගොඩනැගිල්ලේ වහලය මතින් එලෙස ඔහු ඇද වැටුණා.
එලෙස වහලය මතින් ඇද වැටීමෙන් පසුව අදාළ වෛද්‍යවරයා යුහුසුළුව නිකවැරටිය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
Share This Article