වේල්ලවීදියෙන් හමුවූ හිස නොමැති මළසිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව
Tuesday, 09 March 2021 - 16:41 | Views - 3,797
වේල්ලවීදියෙන් සිරුර සොයාගත් තරුණිය ඝාතනය කිරීමෙන් පසු, හිස වෙන් කර ඇති බව හෙළිවේ.
පසුගිය 1 වනදා කොළඹ - වේල්ලවීදියේ බෑගයකින් සිරුර සොයා ගත් තරුණියගේ හිස සිරුරෙන් වෙන් කර ඇත්තේ ඇය ඝාතනය කිරීමෙන් පසුව බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඇයගේ මරණය සිදුව ඇත්තේ අවසන් වරට ආහාර ගෙන පැය දෙකත්, 3ත් අතර කාලයකදී බවයි.
බුත්තල උප පොලිස් පරීක්ෂකවරයා අතින් ඝාතනයට ලක්වූ මෙම තරුණියගේ මවගේ සහ සහෝදරයාගේ ඩී.එන්.ඒ පරීක්ෂණවලින් ඇයගේ අනන්‍යතාව තහවුරු කරගැනීමෙන් අනතුරුවයි මෙලෙස අද සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබුවේ.
Share This Article