මහපාරේ පුටුවක හදිසියේ මියගිය තරුණයාගේ අභිරහස් මරණය - පී සී ආර් වාර්තාව හෙට
Tuesday, 09 March 2021 - 16:06 | Views - 7,308
කඩවත පොලිස් ස්ථානාධිපතිවරයා කළ හෙළිදරව්ව..

මහර, මල්වත්ත පාරේ නිවසක් ඉදිරිපිට මියගොස් සිටින පුද්ගලයෙකුගේ ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වනවා.

අප කළ විමසීමකදී කඩවත පොලිසිය මේ සිදුවීම පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළා.

මාර්ගයේ ගමන් කරමින් සිටි මෙම තරුණයා, පපු ප්‍රදේශය අතගාමින් අසීරුවෙන් ගමන් කරන අයුරු ප්‍රදේශවාසීන් දැක තිබුණා.

අනතුරුව ඔහු මාර්ගයේ නිවසක් ඉදිරිපිට තිබුණු පුටුවක් මත අසුන් ගැනීමෙන් මොහොතකට පසු, මියගොස් ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවන් සඳහන් කළේ.

34 හැවිරිදි මෙම තරුණයා, කඩවත, කොපියාවත්ත ප්‍රදේශයේ තාවකාලික පදිංචිව සිට ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

හිරු අප කළ විමසීමකදී කඩවත පොලිසිය සඳහන් කළේ, මියගොස් ඇති තරුණයාගේ පීසීආර් පරීක්ෂණය අද දින පැවැත්වුන බවයි. එහි ප්‍රතිඵල හෙට දිනයේ නිකුත් වනු ඇති.

මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ද හෙට දිනයේ සිදු කිරීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top