බස්නාහිර පළාතේ පාසල් වල සියලු ශ්‍රේණි ආරම්භ වන දිනය
Tuesday, 09 March 2021 - 12:58 | Views - 1,496
මෙම මස 15 වනදා සිට බස්නාහිර පළාතේ පාසල් අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව 5 ශ්‍රේණිය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති පළමු අදියර යටතේ විවෘත කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටියේ.
එමෙන්ම බස්නාහිර පළාතේ පාසල් වල අනිකුත් ශ්‍රේණි සියල්ල අප්‍රියෙල් මස 19 වනදා ආරම්භ කිරීමට කටයුතු කරන බවයි සදහන් වන්නේ.
බස්නාහිර පළාත හැර සෙසු ප්‍රදේශවල පාසල් නියමිත පරිදි මේ මස 15 වනදා ආරම්භ කරන බවයි විෂය භාර අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සදහන් කළේ.
Share This Article