බස්නාහිර පාසැල් ආරම්භය සිදුවන හැටි
Tuesday, 09 March 2021 - 8:31 | Views - 1,170
මෙම මස 15 වනදා සිට බස්නාහිර පළාතේ පාසල් අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව 5 ශ්‍රේණිය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති පළමු අදියර යටතේ විවෘත කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටියේ.
බස්නාහිර පළාත හැර සෙසු ප්‍රදේශවල පාසල් නියමිත පරිදි මේ මස 15 වනදා ආරම්භ කරන බව විෂය භාර අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ ප්‍රකාශ කළා.
බස්නාහිර පළාතේ පාසල් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයාගේ නිර්දේශ අනුව සිදුකරන බවයි ඔහු කියා සිටියේ.
මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (10) අවසන් වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක් සිදුකරමින් පවසන්නේ විභාගය අවසන් වීමෙන් පසු කලහාකාරී ලෙස හැසිරීම් වලින් වැළකී සිටින ලෙසයි.
එලෙස කලහාකාරී ලෙස හැසිරුණහොත් විභාග පනත යටතේ දැඩි දඬුවම් පනවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන්කර සිටියේ.
Share This Article