අනියම් පෙමකට දඩුවමක් වූ , වේල්ලවීදියෙන් හමු වූ හිස නොමැති මළ සිරුරේ - හිස ගැන වෙනස්ම තොරතුර
Monday, 08 March 2021 - 13:27 | Views - 490
කොළඹ, වේල්ලවීදියේ ගමන් බෑගයක තිබී සොයාගත් මළ සිරුරේ හිස කොටස ඝාතකයා විසින් පුලුස්සා දමන්නට ඇතැයි සැකකරන බව උසස් පොලිස් නිලධාරියෙක් හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් කියා සිටියා.

මෙම කාන්තාවගේ හිස සොයා ගැනීම සඳහා කොළඹ සහ මොණරාගල විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ කටයුතු සිදුකරන බවයි ඔහු කියා සිටියේ.

මෙම ඝාතනය සිදුකළ උපපොලිස් පරීක්ෂකවරයා නිවසට පැමිණි දින රාත්‍රියේ ඔහුගේ කිලිටි ඇඳුම් සිය නිවසේ නානකාමරයේ බේසමක තිබූ බවත් නමුත් පසුදා උදෑසන එම ඇඳුම් දක්නට නොලැබුණු බවත් ඔහුගේ දියණියගෙන් මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබෙනවා.

තම පියා මධ්‍යම රාත්‍රිය ආසන්යේ දී නිවසට පැමිණි බවත් ඉන්පසු රාත්‍රී ආහාර ගත් බවත් දියණියගේ සාක්ෂියේ සටහන් වී තිබෙනවා.

මේ අනුව පොලිසිය සැක කරන්නේ ඝාතනය සිදුකළ උපපොලිස් පරීක්ෂකවරයා එදින රාත්‍රි ආහාර ගැනීමෙන් අනතුරුව කාටත් හොර රහසේ නිවසෙන් පිටවන්නට ඇති බවයි.

එලෙස නිවසින් පිටවූ උපපොලිස් පරීක්ෂකවරයා තම වැඩිමහල් පුත්‍රයාගේ ඉදිකෙරෙමින් පවතින නිවසට ගොස් තමන්ගේ කිලිටි ඇදුම් සහ හිස කොටස පුළුස්සා දමන්නට ඇති බවටයි පරීක්ෂණ මෙහෙයවන කණ්ඩායම් සැක කරන්නේ.

මේ වනවිට කිලිටි ඇදුම් සහ ගමන් බෑගය පුළුස්සා දැමූ ස්ථානය සොයාගෙන ඇති අතර හිස කොටස සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top