අවුරුදු 60ට වැඩි පුද්ගලයන් එන්නත් කිරීම අද සිට
Monday, 08 March 2021 - 8:54 | Views - 387

නව මරණ 05ක් ඊයේ (07) වාර්තා වීමත් සමඟ මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව ද 500 ඉක්මවා දැක්වුණේ 502ක් ලෙසයි.
පිරිමි පුද්ගල මරණ 04ක් සහ එක් කාන්තා මරණයක් මෙලෙස වාර්තා වූ මරණ අතර වනවා.
පල්ලෙකැළේ පදිංචි 74 හැවිරිදි අයෙකු, නුගේගොඩ 82 හැවිරිදි අයෙකු, මාතර පදිංචි 77 හැවිරිදි කාන්තාවක් සහ කන්නන්තොට පදිංචි 67 හැවිරිදි අයෙකු එලෙස මිය ගොස් ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.
එමෙන්ම, බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බරවර්ධනඔය පදිංචි 72 හැවිරිදි අයෙකුද මිය ගොස් ඇත්තේ පිළිකා රෝගී තත්ත්වය සහ කොරෝනා ආසාදිත වීම හේතුවෙන්.
ඊයේ වාර්තා වූ මරණ 05 අතර, පසුගිය වසරේ දෙසැම්බර් මස 20 වන දා සිදුවූ මරණයක් ද වනවා.
එමෙන්ම ඊයේ දිනයේ නව ආසාදිතයන් 359 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 85,695 ක් දක්වා ඉහළ ගියා.
නව ආසාදිතයන්ගෙන් 321 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, බන්ධනාගාර ආශ්‍රිතයන් 16 දෙනෙකු ද හදුනාගැනුනා.
එමෙන්ම විදේශයන් හි සිට පැමිණි 22 කුද නව ආසාදිතයන් ලෙස හඳුනාගත් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව තවදුරටත් අසාදිතයන් 3,134 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 82,059 ක්.
මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත විසි එක් හැවිරිදි තරුණයෙකු ඊයේ ඉන් පලාගොස් තිබෙනවා.
මොහු කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
මේ අතර, වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත අද (08) සිට ලබාදෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළා.
කොවැක්ස් පහසුකම යටතේ යුනිසෙෆ් අරමුදල මගින් ශ්‍රී ලංකාවට නොමිළේ ප්රදානය කළ එන්නත් මාත්‍රා දෙලක්ෂ 64,000ක් ඊයේ අලුයම කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට ළඟා වුණා.
පසුගිය ජනවාරි 29 වන දා සිට මේ දක්වා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් හත්ලක්ෂ 29,563 දෙනෙකුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.
මේ අතර, ඔස්ට්‍රියාව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ එන්නත්කරණයට ලක් කළ එක් පුද්ගලයෙකු මිය යාම සහ තවත් අයෙකු රෝගාතුරවීම සැලකිල්ලට ගනිමිනුයි ඔස්ට්‍රියානු සෞඛ්‍ය බලධාරීන් එම පියවර ගෙන ඇත්තේ.
Share This Article