අනියම් පෙම හමුවේ, සිරුරට ගිනි තබාගත් පුද්ගලයෙකු මරුට
Thursday, 04 March 2021 - 16:20 | Views - 2,161

සිය අනියම් බිරිඳ සමග බහින්බස් වූ අයකු එම නිවසේදී සිරුරට ගිනි තබා ගෙන මියගොස් තිබේ. උදය වරුවක මෙම ගිනි තබාගැනීම සිදුවී ඇත.

සිද්ධියෙන් මරුමුවට පත්ව ඇත්තේ 71 හැවිරිදි තලාහේන පාර, මාලඹේ, පදිංචිකරුවෙකි. මෙම තැනැත්තා නිතර බීමතින් පැමිණ සිය අනියම් බිරිඳ සමග ගැටුම් ඇති කර ගන්නා අයකු බව මුල්ලේරියාව පොලීසිය පවසයි.


තලංගම හදිසි මරණ පරීක්ෂක පේ‍්‍රමලතා අබේවර්ධන මහත්මිය විසින් සිදු කළ මරණ පරීක්ෂණයේදී හෙළිවූයේ අනියම් බිරිඳ විසින් මොහුට ති‍්‍රරෝද රථයක් මිලට ගැනීමට රුපියල් ලක්ෂ දෙකක් දී ඇති බවය.

නමුත් එම මුදල මදි බව පවසමින් තවත් රුපියල් ලක්ෂයක් ඔහු ඉල්ලා ඇත. ඉන් අනතුරුව නිවසේ තිබූ භූමිතෙල් ඇ`ගට වත්කරගෙන ඔහු සිරුරට ගිනි තබා ගෙන ඇත. '

අවට පිරිස පැමිණ ගින්න නිවා දැමීමට උත්සහ කළද එය සාර්ථක වී නැත. මරණ පරීක්ෂකවරිය සිරුර පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කළ අතර මුල්ලේරියාව පොලීසියේ සැරයන්(36506) සමන්ත මහතා පරීක්ෂණ මෙහෙයවීය.



කඩුවෙල - සුගත් පේ‍්‍රමතිලක
දිවයින 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top