ඔබත් රන් භාණ්ඩ වලට ඇලුම්කරන කාන්තාවක්ද , එසේ නම් ප්‍රවේශම් වන්න (video)
Thursday, 04 March 2021 - 13:25 | Views - 871
පසුගිය මාස දෙකක කාලය තුල කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කඩා ගැනීමේ සිද්ධීන් ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසනවා.
පසුගිය මාස දෙකක කාලය තුල මෙවැනි සිදුවීම් 130 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එවායින් බොහොමයක් යතුරුපැදිකරුවන් විසින් සිදුකරන ලද ඒවායි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිසියේ උසස් නිලධාරියෙකු කියා සිටියේ කාන්තාවන් මගතොටදී තමන් පැළඳ සිටින රන් ආභරණ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙසටයි.
Share This Article