භූමදානයට යන මෘතදේහ වලට ලැබුණු මාර්ගෝපදේශ
Thursday, 04 March 2021 - 10:46 | Views - 376
කොරෝනා මෘතදේහ භූමදානය කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මේ වනවිට නිකුත් කර තිබෙනවා.

 එම මාර්ගෝපදේශවල දැක්වෙන්නේ,

 -       මරණකරුගේ ඥාතීන් විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ඒ පිළිබඳ නොපමාව දැනුම් දිය යුතුයි.

-       එය ලිඛිතව සෞඛ්‍ය නිලධාරීන් විසින් ඥාතීන්ගෙන් ලබා ගත යුතුයි.

-       සෞඛ්‍ය නිලධාරීන් විසින් ලබාදෙන ලිය කියවිලි මෘත දේහය ඉරණතිවු දූපත දක්වා ගෙන යාමට වලංගු වේ.

-       මෘත දේහය ගෙන යාම සඳහා අවශ්‍ය  පෙට්ටිය ඥාතීන් විසින් සැපයිය යුතුයි.

-       දේහය රැගෙන එන අවස්ථාව ඡායාරූප ගත කිරීම හෝ වීඩියෝගත කිරීම සපුරා තහනම්.

-       කොළඹ නගරයේ නම් කරන ලද ස්ථානයකට දේහය රැගෙන ඒමෙන් පසු දිනපතා අලු‍යම 5.30ට නච්චිකුඩා ජැටිය දක්වා මෘත දේහ ප්‍රවාහනය කරනු ලැබේ.

-       මෘත දේහය හඳුනා ගැනීමට රෝහලට පැමිණි ඥාතීන්ගෙන් දෙදෙනෙකුට පමණක් ඒ සමඟ ඉරණතිවු දූපතට යාමට අවසර හිමිවේ.

-       අදාළ ඥාතීන් නිරෝධායන නීති වලට දැඩි ලෙස අනුගත විය යුතු අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.

-       කිසිදු හේතුවක් මත මෘත  දේහය ඇතුලත් පෙට්ටිය විවෘත කිරීමට අවසර හිමි නොවේ.

-       අවසන් කටයතු ඥාතීන් දෙදෙනෙකු, සෞඛ්‍ය හා ආරක්ෂක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කළ යුතුය යන්න අදාළ මාර්ගෝපදේශයි
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top