බිරිදටද අයුතු යෝජනා කළ අපයෝජකයෙක්, දරුවන්ට කළ නොමනා ක්රියා
Thursday, 04 March 2021 - 10:30 | Views - 606
කුඩා දරුවන්ට සිදුකළ අමානුෂික පහරදිම් මෙන්ම ළමා අපයෝජන සිදුවීම් කිහිපයක්ම පසුගිය දින කීහිපයේ මෙරට ප්රදේශ කිහිපයකින්ම වාර්තා වුණා.
එම සිදුවීම් අතරතුරල තිස්සමහාරාම - පන්නෙගමුව ප්රදේශයේ රාජ්ය සේවයේ නියුතු පුද්ගලයෙක් බාල වයස්කාර දරුවන්ට සිදුකරන තවත් අපරාධයක් පිළිබදව හිරු සි.අයි.ඒ. තොරතුරු හෙළි කර ගත්තා.
තම මව විසින්ම කුඩා දරුවෙකුට අමානුෂීය ලෙස පහරදෙන සිදුවීමක් මෙන්ම, 60 හැවිරිදි පුද්ගලයෙකු තවත් කාන්තාවක් සමග එක්වෙමින් කුඩා දරුවන් ලිංගික අපයෝජනය සදහා යොමු කළ සිදුවීමක්ද පසුගිය දින කිහිපයේ වාර්තා වුණා.
ඒ අතරතුරයි, හිරු සී.අයි.ඒ. කණ්ඩායමට කුඩා දරුවන් සිව්දෙනෙකු අපයෝජනයට ලක්කරන රාජ්ය සේවයේ නියුතු පුද්ගලයෙකු පිළිබද තොරතුරු අනාවරණය වන්නේ.
මේ වනවිටත් අදාල පුද්ගලයා අත්අඩංගුවට ගෙන නොමැති පසුබිමක අප තිස්සමහාරාම - පන්නෙගමුව ප්රදේශයට ලගාවුයේ තවත් දරුවන් මෙම පුද්ගලයාගේ
ගොදුරක් බවට පත්වීම වලක්වා ගැනීමේ අරමුණ ඇතිවයි.
ළමා අපයෝජකයාගේ නිවසට ගිය අවස්ථාවේ ඔහුගේ බිරිඳ සී.අයි.ඒ. කණ්ඩායම හමුවේ හෙළි කළේ අදාළ දරුවන් විසින් අපට හෙළිකළ තොරතුරුයි.
Share This Article