කොළඹ - වේල්ලවීදිය ප්රදේශයේ දී ගමන් බෑගයක තිබී ඊයේ (01) සොයාගත් කාන්තා මළ සිරුර කොළඹට රැගෙන ආ අයුරු හෙළි වී තිබෙනවා.
මාර්ග අංක 143 හංවැල්ල - කොළඹ බස් රථයක දමාගෙන පුද්ගලයෙකු විසින් හංවැල්ල ප්රදේශයේ සිට මෙම සිරුර කොළඹට රැගෙන ඇවිත් ඇති බවටයි තොරතුරු අනාවරණය වුණේ.
මේ අතර සිද්ධියට සම්බන්ධ පුද්ගලයා හැදුනන්නේ නම් තොරතුරු දැනුම් දීමට පොලිසිය දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.
එම දුරකථන අංක වන්නේ
071 859 15 57 / 011 243 33 33