පාසල් දියණියගේ නිදි යහනේ දී මව දුටු අපයෝජකයා
Tuesday, 02 March 2021 - 15:17 | Views - 14,728
රාත‍්‍රි කාලයේ අනවසරයෙන් නිවසකට ඇතුළුවී බාල වයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළා යැයි සැකපිට අධිකරණය හමුවට පමුණුවනු ලැබූ 28 හැවිරිදි තරුණයකු රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර වැඩබලන මහෙස්ත‍්‍රාත් ශ්‍යාමලී යාපා මහත්මිය නියම කළාය. මෙසේ රක්‍ෂිත බන්ධනාගාරයට නියම වූයේ මාතර පදිංචිකරුවෙකි.

10 වැනි වසරේ සිසුවියකවන 14 හැවිරිදි දැරියක් අසල්වැසි නිවසෙක සේවය සඳහා පැමිණ සිටි සැකකාර තරුණයා සමග පේ‍්‍රම සම්බන්ධයක් ඇති කරගෙන තිබූ බවත් ඔහු පිළිබඳව සොයා බැලූ දෙමාපියන් ඊට අකමැත්ත පළකර ඇති බවත් පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය විනැයි පයාගල පොලිසිය අධිකරණයට වාර්තාකර තිබිණි.

මේ අතර දිනෙක රාත‍්‍රියේ අවදිවූ මව බාල දරුවාට කිරි සාදා දීම සඳහා සූදානම්ව බැලූවිට යාබද කාමරයේ යහන මත දියිණිය හා සැකකරු සිටිනවා දැක ඒ පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) දැන්වීමෙන් පසු පොලිසිය පැමිණ ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

පයාගල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්. ගුණතිලක හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක යූ. අමරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් සැරයන් රණසිංහ මහතා විසින් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.


විජයසිරි විද්‍යාසේකර කළුතර සමූහ
දිවයින 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top