හතර වන කොරෝනා රැල්ලක් ඇති වීමේ අවදානමක්
Tuesday, 02 March 2021 - 14:39 | Views - 363
නව කොරෝනා වෛරස් විකෘති ප්‍රභේදයන් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ 4 වන කොරෝනා රැල්ලක් ඇති වීමේ අවදානමක් පවතින බව එරට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රධානී වෛද්‍ය රොචෙල් වැලෙන්ස්කි ප්‍රකාශ කළා.

ගත වූ සතියේ ඇමරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ සාමාන්‍යය 70,000ක් පමණ වූ අතර දිනෙකට කොරෝනා මරණ 2000ක් පමණ වාර්තා වී තිබෙනවා.

එය ඉතා ඉහළ අගයක් බවත්, වෛරසය මර්දනය කිරීමේදී මෙතෙක් ලැබූ ප්‍රගතියට අභියෝගයක් බවත් වෛද්‍ය වැලෙන්ස්කි වැඩිදුරටත් කියා සිටියා.

බ්‍රිතාන්‍යයේ පැතිර තිබූ ඉහළ ප්‍රචාරණ හැකියාව සහිත කොරෝනා ප්‍රභේදය මේ මාසය ඇතුළත ඇමරිකාවේ ප්‍රමුඛ කොරෝනා ප්‍රභේදය බවට පත්විය හැකියි.

මේ නිසා 4 වන කොරෝනා රැල්ලක් වළක්වා ගැනීම සඳහා දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව ඇමරිකානු රෝග පාලන ආයතනයේ ප්‍රධානී වෛද්‍ය රොචෙල් වැලෙන්ස්කි අවධාරණය කළා.

ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට දෙකෝටි 93 ලක්ෂය ඉක්ම වන අතර මරණ සංඛ්‍යාව පන්ලක්ෂ 27,000කට අධිකයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top