සියළු දේ පියාගේ ගින්නෙන් දැවුණද , පොලිසියේ ලියවිල්ල හමුවේ සා.පෙළට මුහුණ දුන් දැරිය
Tuesday, 02 March 2021 - 10:32 | Views - 395
ඊයේ ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සිටි තම දියණියගේ හැඳුනුම්පත, විභාග ප්‍රවේශපත්‍රය සහ ඇඳුම්, පැළදුම් ඇතුළු නිවසේ තිබූ සියළුම දේපළ ගිනි තබා විනාශ කරන ලද පියෙකු අත්අඩංගුවට ගෙන මේ මස 15 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, සැකකරු ඊයේ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ 36 හැවිැරිදි එක් දරු පියෙක්. අදාළ සැකකාර පියා පසුගිය 27 වන දා බීමතින් නිවසට පැමිණ සිය බිරිඳට ද පහර දී දේපළවලට ගිනි තබා තිබුණා.
කෙසේ වෙතත්, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි අදාළ දියණියට ඇයගේ හැදුනුම්පත් සහ විභාග ප්‍රවේශපත්‍ර ඇතුළු ලියකියවිලි ගිනිගෙන ඇති බවට සහතික කරන ලද ලිපියක් පොලීසිය විසින් නිකුත් කිරීමට ද කටයුතු කර ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.
ඒ අනුව ඇය ඊයේ ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට තිබෙනවා.
Share This Article