ගමන් බෑගයක තිබී සොයාගත් කාන්තා මළ සිරුර පිළිබද තොරතුරක් දන්නේ නම් දැනුම් දෙන්න අංකයක්
Tuesday, 02 March 2021 - 9:37 | Views - 1,005
කොළඹ - වේල්ලවීදිය ප්රදේශයේ දී ගමන් බෑගයක තිබී ඊයේ (01) සොයාගත් කාන්තා මළ සිරුර කොළඹට රැගෙන ආ බස් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මාර්ග අංක 143 හංවැල්ල - කොළඹ බස් රථයක දමාගෙන පුද්ගලයෙකු විසින් හංවැල්ල ප්රදේශයේ සිට මෙම සිරුර කොළඹට රැගෙන ඇවිත් ඇති බවටයි තොරතුරු අනාවරණය වුණේ.
මළ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (02) සිදුකිරීමට නියමිතයි.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දීමට පොලිසිය දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.
එම දුරකථන අංක වන්නේ 071 859 15 57 / 011 243 33 33
Share This Article