කොළඹ - වේල්ලවීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක තිබී ඊයේ (01) සොයාගත් කාන්තා මළ සිරුර කොළඹට රැගෙන ආ බස් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මාර්ග අංක 143 හංවැල්ල - කොළඹ බස් රථයක දමාගෙන පුද්ගලයෙකු විසින් හංවැල්ල ප්‍රදේශයේ සිට මෙම සිරුර කොළඹට රැගෙන ඇවිත් ඇති බවටයි තොරතුරු අනාවරණය වුණේ.
මළ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (02) සිදුකිරීමට නියමිතයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව අදාළ මළ සිරුර සහිත බෑගය සොයාගත් බවයි.
කිසියම් පුද්ගලයෙකු විසින් ගමන් බෑගය එම ස්ථානයට ගෙනවිත් දමන අයුරු අසල සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවල පටිගත වී තිබුණා.
එම දර්ශන ඔස්සේ මේ වන විටත් පොලිසිය සැකකරු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර අදාළ කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.