විපක්ෂ නායක පාස්කු වාර්තාව ගැන රජයෙන් ඉල්ලීමක් කරයි
Monday, 01 March 2021 - 15:30 | Views - 228
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව කඩිනමින් කාදිනල් හිමිපාණන්ට ලබාදීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටිනවා.
විපක්ෂනායකවරයා මෙම ඉල්ලීම සිදුකළේ දෙබරවැව ප්‍රදේශයේදී පැවති ජනහමුවකදී.
විපක්ෂ නායක ජංගම සේවයට සමගාමීව දෙබරවැව - පශ්චිමාරාම රජමහා විහාරයේ වාර්ෂික රුහුණු නවම් මහා පෙරහැර වෙනුවෙන් මුදල් ආධාර පරිත්‍යාග කිරීමක් විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
Share This Article