පුතාගේ පහරදීමෙන් පියා ජීවිතක්ෂයට
Monday, 01 March 2021 - 13:11 | Views - 598
මානසික ආබාධයකින් පෙලෙන පුතාගේ පහරදීමෙන් පියා ජීවිතක්ෂයට
යාපනය, අච්චුවේලි, පුත්තූර් ප්රදේශයේදී පුත්රයෙක් සිදුකළ පහරදීමකින් පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (28) රාත්රියේ මෙම සිදුවීම සිදුව ඇති අතර සිය පියාට මෙලෙස පහර දී ඇත්තේ මානසික ආබාධයකින් පෙලෙන පුත්රයෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ.
64 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර පුත්රයා විසින් පියාට පහරදීමෙන් පසු තුවාල ලැබූ පියා නිවසේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
Share This Article