ඥාති සොහොයුරෙකු අතින් ඝාතනය වූ හත් හැවිරිදි දරුවා
Monday, 01 March 2021 - 11:24 | Views - 8,909
කිලිනොච්චිය ප්‍රදේශයේදී ඥාති සොහොයුරෙකු සිදුකළ පහරදීමකින් හත් හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාල දරුවා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඊයේ (28) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

ජීවිතක්ෂයට පත්වූ දරුවාගේ මව අදාල දරුවා සමඟ තවත් දරුවන් දෙදෙනෙක්, දරුවන්ගේ ලොකු තාත්තාගේ නිවසේ තබා මඩකලපුව වෙත ගොස් ඇති අවස්ථාවේ මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

මෙම හත් හැවිරිදි දරුවා සිය ඥාති සහෝදරයෙකු සමඟ නිවසින් පිටතට ගොස් ඇති අතර පසුව සිය ලොකු තාත්තාගේ නිවස ආසන්නයේ පිහිටි ඉදිකරමින් පවතින නිවසක් අසල වැටී සිටියදී දරුවා ප්‍රදේශවාසීන්ට හමුව තිබෙනවා.

අනතුරුව දරුවා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

දරුවා රෝහල්ගත කළ දිනයේ සිට දරුවාගේ ලොකු තාත්තාගේ පුතෙකු වන 17 හැවිරිදි තරුණයෙක් අතුරුදන්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දරුවාගේ මරණය සම්බන්ධයෙන් යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය නිළධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා ඇති අතර, එහිදී අනාවරණය වි ඇත්තේ මොට ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් සිදුවු අභ්‍යන්තර රුධිර වාහන තත්ත්‍වයක් මත මරණය සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top