පරිසරයට හානියක්ද " 1997 " ඇමතුමක් දෙන්න
Monday, 01 March 2021 - 10:40 | Views - 284
පරිසර හානි පිළිබද "1997" අංකයට තොරතුරු ලබා දෙන්න - පොලීසිය ඉල්ලයි.
පසුගියදා ගලහ පොලිස්ථානයේ නිලධාරීන් විසින් හන්තාන රක්ෂිතයට අනවසරෙන් ඇතුළු වී ගස් කපමින් සිටි සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ 1997 කෙටි දුරකථන අංකයට මහජනතාවගෙන් ලද තොරතුරකට අනුවයි.
සැකකරු වයස අවුරුදු 50ක් වූ පල්ලේ දෙල්තොට, ගලහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිස් ඇප මත මුදා හැරුණු සැකකරු මාර්තු මස 04 වන දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට පෙනී සිටීමට නියමිතයි.
මෙසේ පොලිස් මුලස්ථානයේ ස්ථාපිත කර ඇති "1997" කෙටි දුරකථන අංකය වෙත නීති විරෝධී ගස් කැපීම්, වැලිගොඩ දැමීම්, පස් කැපීම්, ආදි පාරිසරික හානි වලට අදාලව මහජනතාවගෙන් ලද තොරතුරු අනුව වැටලීම් නිරන්තරයෙන් සිදුකරන බව පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සදහන් කර සිටී.
Share This Article